දේශීය

මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ඇප මත නිදහස්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දී තිබෙනවා.

එහිදී සැකකරුට ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප තුනක් සහ පනස්දාහක මුදල් ඇපයක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

එමෙන්ම අධිකරණය නියම කළේ සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසයි.

නාගරික ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම සඳහා වරාය මහාමාර්ග අමාත්‍යාංශය මගින් 2013 වසරේ මොරටුව නගර සභාව වෙත වෙන් කරන ලද රුපියල් මිලියන 105 ක ප්‍රතිපාදන හිතවත් කොන්ත්‍රාත්කරුවන් අට දෙනෙකුට ලබාදී රජයට පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන චෝදනාවකට ඔහු පසුගිය සැප්තැම්බර් මස 10 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

Shares: