උණුසුම් පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතා කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ කොටුව ආසන්නයේ දී බස් නැවතුමක සිය වාහනය නවත්වා පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළවයි.

පසුගියදා කොළඹ පැවැති සත්‍යග්‍රහයක් අතරතුර එහි පැමිණී මන්ත්‍රීවරයා පසුව කොටුව පොලීසියේ පොලිස් නිලධාරියෙකුට බැණ වැදුණු අයුරු දක්නට ලැබුණා.

එම සිදුවීම සම්බන්ධව සිදුකරන විමර්ශනයකට අදාළව අද පෙරවරුවේ ඔහු ප්‍රකාශයක් ලබා දීම සඳහා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේ දීයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Shares: