ජපානයේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහායි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් මස 22 වන දින දිවයිනෙන් පිටව ගියේ.
පසුව ජපාන රජයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා සැප්තැම්බර් මස 27 වනදා පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වූවා.
එතුමා සමඟ මෙම සංචාරය සඳහා එක් වූයේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක්.
එම සංචාරය නිම කරමින් ඔවුන් සියලුදෙනා අද උදෑසන 09.30ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්-403 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.











