විදෙස්

පිලිපීන භූ කම්පනයෙන් මියගිය ගණන 69ක් දක්වා ඉහළට

පිලිපීනයට බලපෑ භූ කම්පනයෙන් මියගිය ගණන 69ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට බලධාරීන් තහවුරු කර තිබෙනවා.

මධ්‍යම පිලිපීනයේ සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් එරට වේලාවෙන් ඊයේ (30) රාත්‍රී 10ට පමණ මෙය ඇති වූ අතර, එය රික්ටර් මාපකයේ 6.9ක් ලෙස සටහන් වුණා.

භූ කම්පනය ඇතිවීමෙන් පසු සෙබු නගරයේ විදුලිය ඇනහිටීම් සිදු වූ අතර, ගොඩනැගිලි රැසකටද දැඩි හානි සිදුවුණා.

මේ වනවිට තැන් තැන්වල මාර්ග ඉරිතලා ඇති අතර, පාලම් සහ මාර්ගවලටද දැඩි අලාභහානි සිදුවී තිබෙනවා.

එරට බලධාරීන් විදුලිය යථා තත්ත්වයට පත් කිරීම් මෙන්ම සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් බේරාගැනීමේ කටයුතු තවමත් සිදුකරමින් සිටිනවා.

Shares: