රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එළැඹෙන දෙසැම්බර් මස ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉන්දියාවේ පැවැත්වෙන සමුළුක් සඳහා පුටින් මෙලෙස පැමිණෙන අතර, බොහෝ දුරට එම සංචාරය දෙසැම්බර් 5-6 දිනවල සිදුකරනු ඇති බව සඳහන්.
පසුගිය අගෝස්තු මාසයේ දී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් සිදුකළ රුසියානු සංචාරයේ දී පුටින් ඉන්දියාවේ සංචාරයකට එක්වන බව සඳහන් වුවද, කාලසීමාව පිළිබඳ නිල සඳහනක් නොතිබුණා.
කෙසේ නමුත් ඉකුත්දා චීනයේ පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවේදී අගමැති මෝදි හා රුසියානු ජනාධිපතිවරයා හමුවුණා.
එහිදී නායකයින් දෙදෙනා පුටින්ගේ ලිමොසින් රථයේ ගමන්කර ඇති අතර, පැයක කාලයක් සංවාදයක ද නිරතව තිබෙනවා.











