අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන් සහ සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය විසිනුයි එම ගැසට් පත්‍රය නිකුත්කර ඇත්තේ.
ජාතික මාර්ග ආරක්ෂණ කවුන්සිලයේ සභාපතිවරයා පවසා සිටියේ සැප්තැම්බර් 1 වැනිදා සිට අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම වාහනවල, ඉදිරිපස සහ පසුපස යන සියලුම ආසනවල සිටින මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කර ඇති බවයි.
එමෙන්ම, ආසන පටි නොමැති වාහන සඳහා, ඒවා සවිකර ගැනීම සඳහා මාස 3ක සහන කාලයක් ලබා දෙන බව ද සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.











