දේශීය

හොර පාරේ ගෙන් වූ ජංගම දුරකතන ඇතුළු භාණ්ඩ තොගයක් මාලිගාවත්තේ

රේගු බදු නොගෙවා කටුනායක ගුවන්තොටුපොළ හරහා හොර රහසේ රැගෙන ආ බව කියන රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකතන, සුවඳ විලවුන් ඇතුළු උපාංග තොගයක් සමග පුද්ගලයන් සිව් දෙනෙකු මාලිගාවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර දෙමස්සිනාලා දෙදෙනෙකුද සිටින බව පොලීසිය සඳහන් කළා.

සැකකරුවන් සතුව ස්මාට් වර්ගයේ ජංගම දුරකතන 26ක්, අයිපෑඩ් 10ක්, ටැබ් 10ක්, ලැප්ටොප් පරිගණක 3ක්, විවිධ වර්ගයේ සුවඳ විලවුන් තොගයක් සහ ශරීර ආලේපන තොගයක් තිබී සොයාගෙන තිබෙනවා.

මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.බී.එස්. කල්‍යාණතුංග මහතාට ලද තොරතුරකට අනුව මාලිගාවත්ත රම්‍යා ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නිවසක් තුළ මෙම භාණ්ඩ තොගය තිබී සොයාගෙන තිබෙනවා.

 

Shares: