දේශීය

පොලිස් නිලධාරියෙකු මරා දැමීමට තැත් කළ අයෙකුට සිරදඬුවම්

පොලිස් නිලධාරියෙකු වාහනයකට යටකර මරා දැමීමට තැත් කළේ යැයි චෝදනා ලබා සිටි පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 15ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන එම පුද්ගලයා මීට වසර 17කට පමණ ඉහතදී දෙහිවල නැදිමාල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට සහභාගී වී සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියෙකු එලෙස වාහනයකට යටකර මරා දැමීමට තැත්කර තිබෙනවා.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් එම පුද්ගලයාට ඊයේ (02) මෙම දඬුවම නියම කර තිබෙනවා.

Shares: