උණුසුම් පුවත්

වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන්ගේ දීමනාත් නොගෙවීමට තීරණයක්

වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන්ට අඩ වැටුප් ගෙවීමත් සමග ඔවුන්ට හිමි දීමනා කිහිපයක් නොගෙවීමට ද අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය සියලු මහාධිකරණ විනිශ්චයකාරවරුන් වෙත නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

විවිධ චෝදනාවලට ලක්වූ විනිසුරුවරුන්ගේ වැඩතහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගියදා පියවර ගෙන තිබුණා.

ඒ අනුව එම කොමිෂන් සභාව තීරණය ඇත්තේ එම විනිසුරුවරුන් සඳහා අඩ වැටුප් ගෙවීමක් සිදුකළ යුතු බවටයි.

එම අඩ වැටුප් සමග ඔවුන්ට ගෙවිය යුතු දීමනා සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතිකා ඒකාබද්ධතා අමාත්‍යාංශයේ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමේ දීයි සාකච්ඡාවට භාජනය වී ඇත්තේ.

Shares: