යුද හමුවේ 76 වැනි සංවත්සරය නිමිත්තෙන්, කොමිෂන් නොලත් නිලධාරීන් 7979කුට උසස් වීම් ලබා දී තිබෙනවා.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ මහතා සඳහන් පැවසුවේ ලාන්ස් කොප්ර්ල් තනතුරේ සිට බල ලත් නිලධාරී එක දක්වා එම උසස් වීම් ලබාදෙන බවයි.
පසුගිය 8 වැනිදා ආරම්භ වූ යුද හමුදා සංවත්සර සැමරුම් උත්සව මාලාවේ අවසන් සැමරුම් උළෙල යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ යුධ හමුදා කඳවුරේ දීයි පැවැත්වෙන්නේ.
1949 වසරේ අද වැනි දවසක ආරම්භ වූ ශ්‍රි ලංකා යුද හමුදාව මේ වනවිට රෙජිමේන්තු 25 කින් සමන්විතයි.
මෙරට තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට අසීමිත කැප කිරීමක් කළ යුද හමුදාව, ස්වභාවික ව්‍යසන අවස්ථාවන්හිදී ද ජනතාවගේ රැකවරණයට නිබඳව කැපවෙනවා.











