වාණිජ පරමාර්ථවලින් සිදුකරන විවිධ ප්‍රසංග ඇතුළු උත්සවවලට පොලිස් ආරක්ෂාව ලබාදීමේදී මුදල් අය කිරීමටත් නොමිලේ සංවිධානය කෙරෙන උත්සව සඳහා මුදල් අය කිරීමකින් තොරව ආරක්ෂාව ලබාදීමටත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇති බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි මිනුර සෙනරත් ප්‍රකාශ කරනවා.
කෙසේ නමුත් ජනතාව ගැවසෙන ඕනෑම ස්ථානයක ආරක්ෂාව ලබාදීම සහ ඒ ගැන සොයා බැලීම පොලිසියේ වගකීමක් බවත් ඒ ගැන නිරන්තරයෙන්ම කටයුතු කරන බවත් වාණිජ වශයෙන් සිදු කෙරෙන උත්සව සඳහා පමණක් මුදල් අය කරගන්නේ ඵ් සදහා වැඩිපුර නිලධාරින් සංඛ්‍යාවක් යෙදවීමට අවශ්‍ය නිසාත් ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවන නිසා බවත් වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙනවා.











