තම ඉල්ලීම් සම්බන්ධයෙන් ඇති කරගත් වාචික ගිවිසුම් ලිඛිතව තහවුරු කිරීමෙන් පසු අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ව්‍යාපාරය අත්හිටුවන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසනවා.
ඔවුන් මේ බව කියා සිටියේ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඊයේ සවස පැවැති සාකච්ඡාවලින් පසු විදුලිබල අමාත්‍යවරයා සිය ඉල්ලීම්වලට එකඟතාවය පළ කළ බවයි විදුලි වෘත්තීය සමිතිය වැඩිදුරටත් සඳහන් කළේ.











