අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් එහි හිටපු විධායක අධ්‍යක්ෂ නිලූ දිල්හාර විජේදාස නැමැත්තා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසයි නියෝග කළේ.
ඊට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු වෙත කොන්දේසියක් පනවනු ලැබුවා.
ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියම කළේ පැමිණිල්ල යළි දෙසැම්බර් මස 09 වනදා කැඳවීමටයි.
2019 වසරේ එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානය අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ යෙදවීම තුළින් රජයට රුපියල් මිලියන 1.6කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා මත හිටපු විධායක අධ්‍යක්ෂකවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.











