වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (22) උදෑසන ප්‍රාදේශීය සභාවේ සභාපති නිල කාමරයට පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩිතැබීම හමුවේයි සභාපතිවරයා බරපතළ තුවාල ලැබුවේ.
පසුව ප්‍රාදේශීය සභා නිලධාරීන් එක්ව සභාපතිවරයාව මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණා.
සභාපතිවරයා හමුවට ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණි දෙදෙනෙකු ලෙස මෙම වෙඩික්කරුවන් ප්‍රාදේශීය සභාව තුළට පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.










