ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය පියවර ගෙන තිබෙනවා.
එහි සභාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් මෙම මිල ප්රකාශයට පත්කර ඇති බව සඳහන්.
ඒ අනුව ආනයනික කැකුළු සහල් කිලෝ ග්රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 210ක් ලෙසත්, ආනයනික නාඩු සහල් කිලෝ ග්රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 220 ලෙසයි නියම කර ඇත්තේ.
එමෙන්ම ආනයනික සම්බා කිලෝ ග්රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 230ක් ලෙස සඳහන් වන අතර පොන්නි සම්මා කිලෝ ග්රෑමයක උපරිම මිල දැක්වෙන්නේ රුපියල් 240ක් ලෙසයි.
එසේම කීරි පොන්නි සම්බා කිලෝ ග්රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 255ක්.
ඊයේ (21) සිට ක්රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධන ක්රියාත්මක වන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.











