රුපියල් තුන් කෝටි හතලිස් ලක්ෂයක් වටිනා හෙරොයින් සමග විදෙස් ජාතිකයෙකු, කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32ක් වන ඉන්දීය ජාතිකයෙක්.
මෙම පුද්ගලයා ඊයේ (26) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ පස්වරු 04.15ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරණ ගුවන් යානයෙනුයි.
එහිදී කළ සෝදිසි මෙහෙයුමක දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 832ක ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය තොගය කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක දී මෙරට මත්ද්‍රව්‍ය නියෝජිතයන් වෙත භාර දීමට සැළසුම් කර තිබූ බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් මෙම ඉන්දීය ජාතිකයා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.











