අධිවෙිගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල ගමන් ගන්නා මගීන් විසින් ආසන පටි පැලඳීම අනිවාර්ය කරමින් මෝටර් වාහන පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත්තේ වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවයි.
අධිවේගී මාර්ගවල සිදුවන රථවාහන අනතුරු දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මරණ සහ බරපතළ තුවාල සිදුවීම් අවම කිරීම පිණිස අංක 2455/29 හා 2025-09-25 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ සාදන ලද 2011 අංක 2 දරණ මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝගයි සංශෝධනය කර ඇත්තේ.
එමඟින්, අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කරනු ඇති.











