චීනයේ යුවාන් මුදල් ඒකකය භාවිත කරමින් චීනය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳාම් සිදුකිරීමට හැකි පරිදි RMB පහසුකම භාවිත කිරීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමේ හමුවක් ඊයේ (29) කොළඹ දී පැවැත් වුණා.
ඒ මෙරට චීන තානාපති ෂී ෂෙන්ග් හොන්ග්, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ අමාත්‍ය අනිල් ජයන්ත ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන්.
ශ්‍රී ලංකාවේ චීන ව්‍යාපාරික කවුන්සිලය සංවිධාන කළ සහ චීන බැංකුවේ කොළඹ ශාඛාවේ සහයෝගයෙනුයි මෙම 2025 RMB ජාත්‍යන්තරකරණ සංසදය පැවැත්වූයේ.
මෙහිදී අවධාරණය කෙරුණේ චීනය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළෙද කටයුතු සඳහා චීනයේ RMB පහසුකම භාවිතකිරීමේ කිරීමේ අවශ්‍යතාව පිළිබඳවයි.
එහිදී මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,
“මට මතකයි, අපි චීනය සමඟ විනිමය හුවමාරුවකට අත්සන් තැබුවා මීට වසර දහකට පමණ පෙර. මහබැංකුව වෙනුවෙන් ඊට අත්සන් තැබුවේ මම. RMB පහසුකම ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කිරීම සඳහා අපි ඊට පසුවත් තවත් අවස්ථාවක් සංවිධාන කළා. ඒ කාලයේදී අපිට RMB පහසුකම ක්‍රියාත්මක වුණා නම් අපිට ලැබී තිබූ විනිමය පහසුකම භාවිත කරන්න තිබුණා. අපි දිගු දුරක් පැමිණ තිබෙනවා. 2010දි හඳුන්වාදෙනකොට RMB පහසුකම ලෝකයේ 35 වැනි ජාත්‍යන්තර මුදල් ඒකකය 2024 දී එය ලෝකයේ සිව්වැනි ස්ථානයට පැමිණිලා. මේ කාලයේදී RMB කැපී පෙනෙන දියුණුවක් ලබාගෙන. BRICS සංවිධානය ශක්තිමත් කිරීම මගින් දේශීය මුදල් විදෙස් ගනුදෙනුවලදී භාවිතකිරීමට හැකිවේවි. අප දෙරට අතර ශක්තිමත් ආර්ථික සබඳතාවක් පවතිනවා.ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආනයන සහකරු චීනය. දෙවැනි විශාලතම වෙළෙඳ සහකරු. 2024දී දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳම අමෙරිකානු ඩොලර් බිලියන 4.3ක්. අනෙක් අතට දෙරට අතර වෙළෙඳ පරතරය 2023 දි තිබූ අමෙරිකානු ඩොලර් බිලියන 2.8 සිට 2024 දී අමෙරිකානු ඩොලර් බිලියන 4.1 දක්වා පුළුල් වෙලා තිබෙනවා. එය චීනයට වාසිදායක ලෙස වැඩිවෙනවා.”
යනුවෙනුයි ප්‍රකාශ කළේ.











