දේශීය

හල්දුම්මුල්ල රක්ෂිතයේ කංසා හේන් 6ක් වටලයි

හල්දුම්මුල්ල අක්කර සීය රක්ෂිතයේ කැලෑව තුළ වගාකර තිබු කංසා හේන් 6ක් වටලා එහි මුරට සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කංසා හේන් 6හි විශාල ගස් 85,000කට වැඩි ප්‍රමාණයක්ද, කුඩා පැළ තවාන් 4ක්ද තිබී ඇති අතර ඒ සියල්ල පුලුස්සා දමා විනාශ කළ බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හම්බේගමුව හා කල්තොට ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම වැටලීම සිදු කර ඇත්තේ හල්දුම්මුල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මතයි.

සැකකරුවන් අද (03) බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Shares: