දේශීය

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන ‘මධුසංඛ’ නොහොත් ‘සමපෝෂ’ නමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගිනුයි සැකකරු අත්අඩංගවට ගෙන ඇත්තේ.

පොලිසිය පැවසුවේ සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගමගේ සාරංග ප්‍රදීප් නොහොත් ‘වැල්ලේ සාරංග’ යන අයගේ සමීපතමයෙකු බවයි.

සැකකරු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26 මිලිග්‍රෑම් 890 ක් ද සොයාගෙන තිබෙනවා.

එමෙන්ම සැකකරු මනුෂ්‍ය ඝාතන පහකට සම්බන්ධ බවයි පොලිසිය කියා සිටියේ.

Shares: