මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අදාළව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
පසුගියදා පැවැති එම සාකච්ඡාවේදී මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි වසර 10 සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට සරිලන ආකාරයට ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමේ හැකියාව පිළිබඳවත් ඒ සඳහා අනුගමනය කළ යුතු කෙටිකාලීන සහ දිගු කාලීන ක්‍රමවේදයන් පිළිබඳවයි පුළුල්ව විමසා බලා ඇත්තේ.
ඩිජිටල්කරණය සඳහා උපායමාර්ගික රාමුවක් ස්ථාපත කිරීම, ඩිජිටල් මාධ්‍ය හරහා සෞඛ්‍ය ආරක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ඒ සඳහා ජාත්‍යන්තර සහාය ඇතිව ප්‍රධාන ව්‍යාපෘති අනුගතකර ක්‍රියාත්මක කිරීම, ඩිජිටල් පරිවර්ථනය සඳහා ප්‍රධාන සංකල්ප සහ අවශ්‍යතා, මෙහෙයුම් කමිටු සංකල්ප, කෙටුම්පත් සංකල්ප සහ අපේක්ෂිත ප්‍රතිඵල පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සැලසුම් සකස් කිරීමට අදාළව සාකච්ඡා වූවා.
එමෙන්ම එහිදී මෙහිදී සාකච්ඡාවට ගැනුණේ අදාළ දත්ත සුරක්ෂිතව ගබඩා කර තබා ගැනීම, මෙම කාර්ය කාර්යක්ෂමව සිදු කිරීම සඳහා අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය, පුහුණුවීම් පිළිබඳවයි.
ඒ අනුව එම කරුණුවලට අදාළ කෙටුම්පත් සංකල්ප පත්‍රිකාව ඉදිරිපත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ජනරාල් විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකර්තන මහතා විසිණූ සිදු කරනු ලැබුවේ.
මෙම සාකච්ජාව සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, ඩිජිටල් අර්ථීක නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විඡේසුරිය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් හා එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන්, අධ්යක්ෂවරුන්, විෂයට අඳාළ විශේෂඥයින් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.











