දේශීය

ඝාතන 2කට පුද්ගලයින් 6කට මරණ දඬුවම නියම කෙරේ

පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු වු සැකකරුවන් 06 දෙනෙකුට අම්පාර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.

මෙම සැකකරුවන් අද (10) අම්පාර මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මහාධිකරණ විනිසුරු රුචිර ශ්‍රිනිත් මෙන්ඩිස් විජේසේකර මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇත්තේ.

2015 වසරේ අප්‍රේල් 14 වන දින පදියතලාව කෙහෙල්උල්ල ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට පහරදී ලොරි රථයකින් යට කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන්ට එරෙහිව මෙම සැකකරුවන්ට චෝදනා එල්ලවී තිබුණා.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ නඩු විභාගයෙන් අනතුරුව එම චෝදනාවන්ට වරදකරුවන් වු පුද්ගලයින් 06 දෙනෙකුටයි අම්පාර මහාධිකරණය විසින් මෙසේ මරණ දඬුවම නියම කළේ.

Shares: