පොලිසිය විසින් ක්රියාත්මක කර ඇති විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ (10) දිනයේද දිවයින පුරා පුද්ගලයින් 31,594ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ එහිදී සැකපිට පුද්ගලයින් 693 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එමෙන්ම අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 31 දෙනෙකු හඳුනා ගෙන ඇති බවත්, වරෙන්තුකරුවන් 288 දෙනෙක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම අත්අඩංගුවට ගත් විවෘත වරෙන්තුකරුවන් ගණන 178ක්.
තවද බීමත් රියදුරන් 22ක් ද, අපරික්ෂාකාරී ලෙස රියට පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 16ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මිට අමතරව රථවාහන වැරදි සඳහා පුද්ගලයින් 4,320කට නීතිය ක්රියාත්මක කිරීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ.











