නිරිතදිග සයිප්‍රසයේ වෙරළබඩ නගරයක් වන පැෆොස් සිට කිලෝමීටර් 16ක් ක් පමණ ඊසාන දෙසින් භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
යුරෝපීය – මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කළේ, එරට වේලාවෙන් (12 ) උදෑසන 09.31 ට පමණ රික්ටර් මාපකයේ 5.7 ක භූමිකම්පාවක් ඇති වූ බවත්, එහි අපිකේන්ද්‍රය කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් පිහිටා ඇති බවත් ය.
මෙම භූ කම්පනය උතුරු ඊශ්‍රායලයේ ජනතාවට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය පවසන්නේ.
කෙසේ නමුත්, සුනාමි තත්ත්වයක් පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි සඳහන් වන්නේ.











