මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇහැලියගොඩ ප්‍රදේශයේ සැකකාරියකගේ වත්කම් දින 7ක් දක්වා ක්‍රියාවිරහිත කර තිබෙනවා.
නීති විරෝධී මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම් සිදු කර එමගින් වත්කම් උපයා ගෙන ඇති බවට ඇහැලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැලැක්වීමේ පනතප්‍රකාරව වැඩිදුර විර්මශන ආරම්භ කර තිබුණේ නීති විරෝධී වත්කම් විර්මශන කොට්ඨාසය මගිනුයි.
ඒ සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විර්මශනයේදී අනාවරණය වූ කරුණු අනුව මාහින්ගොඩ ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයාගේ බිරිඳ විසින් නීති විරෝධී ආකාරයෙන් උපයාගන්නා ලද මුදල් යොදවා රුපියල් කෝටි 03ක් වූ ඉඩම් කැබලි තුනක් සහ ඇහැලියගොඩ රත්නපුර මාර්ගයට යාබදව පර්චස් හයක ඉඩම් කොටසක් මිලදීගෙන කඩ කාමරයක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
ඒ අනුවයි නීතිවිරෝධී ලෙස වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකාරිය වයස අවුරුදු 45 ක් වන මාහින්ගොඩ, ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්.
එහිදී සැකකාරියගේ නමින් මිලදීගෙන ඇති ඉහත දේපල මුදල් විශුද්ධීකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව දින 07 ක් දක්වා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත්කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විර්මශන කොට්ඨාසය මගින් වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.











