විනයගරුක රිය පැදවීම ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විසින් රියදුරු බලපත්‍ර සඳහා දඬුවම් ලකුණු ක්‍රමයක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන වසරේ සිට රියදුරු බලපත්‍ර සඳහා දඬුවම් ලකුණු ක්‍රමය (Demerit Points system) හඳුන්වා දෙන බවයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ.
මෙකී නව යාන්ත්‍රණය මගින් මෙරට මාර්ගවල මාර්ග නීති නැවත නැවතත් උල්ලංඝනය කරන රියදුරන් හඳුනා ගැනීම සිදුවනු ඇති.











