ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් විසි දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
උතුරු සහ මධ්‍යම ගාසා ප්‍රදේශවලට මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මෙම ප්‍රහාර නිවාස පිහිටි ස්ථාන ඇතුළු ස්ථාන 5කට එල්ල වී ඇති අතර, ඉන් ජ්‍යෙෂ්ඨ හමාස් නායකයෙකු ද මියගොස් ඇති බව වාර්තා වනවා.
කෙසේවෙතත්, ඊශ්‍රායලය පවසන්නේ ත්රස්තවාදීන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි.











