පවත්නා අධික වර්ෂාව හේතුවෙන් උතුරු මැද පළාතේ ද මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇති අතර වාහන ගමනාගමන සීමාකර ඇතැයි පොලීසිය පවසනවා.
ඒ අනුව පොලිසිය ඉල්ලා සිටින්නේ ජලයෙන් යටවී ඇති පහත සඳහන් මාර්ගවල ගමන් කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.
එහිදී පහත සඳහන් මාර්ගයන් මේ වනවිට ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනය නවතා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ වුට්ලර් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
පොළොන්නරුව – මඩකළපුව මාර්ගය මනම්පිටිය ප්‍රදේශයෙන්
පොළොන්නරුව – සෝමාවතී මාර්ගය සුන්ගාවිල ප්‍රදේශයෙන්
ඔයාමඩුව – සෙට්ටිකුලම මාර්ගය සම්පූර්ණයෙන්
අනුරාධපුර – වාරියපොළ මාර්ගය දැදුරුඔය පාළම අසලින් වසා දමා තිබෙනවා.










