Global Platform For All Sri Lankans

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමෙන් අර්යලන්ත කාන්තා කණ්ඩායමට ලකුණු 261ක ඉලක්කයක්

අද (16) පැවැත්වෙන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අර්යලන්ත කාන්තා කණ්ඩායම අතර පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අර්යලන්ත කාන්තා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව, පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 260 ක් රැස්කර ගත්තා.

එහිදී විශ්මි ගුණරත්න ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර ඇය චමරි අතපත්තුගෙන් පසුව කාන්තා එක්දින ක්‍රිකට් තරගයක දී ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ද වනවා.

හසිනි පෙරේරා ලකුණු 46ක්ද, හර්ශිතා සමරවික්‍රම ලකුණු 19 ක් ලබාගනු ලැබූ අතර සුගන්ධිකා කුමාරි ලකුණු 18ක් හා අනුශ්කා සංජීවන් ලකුණු 17 ක් ලබා ගෙන තිබෙනවා.

පන්දු යැවීමේ දී Orla Prendergast කඩුලු 03ක් ලබා ගැනීමටත්, Arlene Kelly හා Alana Dalzell කඩුලු 02 බැගින් ලබා ගැනීමටත් සමත් වී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads