ආපදා තත්ත්වය හමුවේ භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.
එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් දැනුම්දෙන ලෙසයි.
ඒ අනුව, දිස්ත්රික්ක මට්ටමින් පිහිටුවා ඇති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කාර්යාල වෙත එම පැමිණිලි ඉදිරිපත් කළ හැකි වනවා.











