පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්රමයේ 10 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කර තිබෙනවා.
ඒ 2025.12.15 දින දක්වායි.
මීට පෙර අයදුම්පත් කැඳවීම 2025.11.01 වන දින සිට 2025.11.30 දක්වායි විවෘත කර තිබුණේ.
කෙසේ වුවද අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ 2022, 2023 හෝ 2024 වර්ෂයන් හිදී අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට ඔවුන්ගේ පළමු හෝ දෙවන වාරය ලෙස සිටි පෙනී දරුවන්, 2025 වර්ෂයේදී ද නැවත උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් පැමිණි ඉල්ලීම් සලකා බලා පවතින අයහපත් කාළගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම ණය යෝජනා ක්රමයේ අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කිරීම සිදු කරන බවයි.
මෙම පොලී රහිත ශිෂ්‍යණය යොජනා ක්‍රමය සඳහා අයදුම්පත් යොමු කිරීම www.studentloans.mohe.gov.lk වෙබ් අඩවියට පිවිස මාර්ගගත ව සිදු කළ හැකි බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටිනවා.











