රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය මාසිකවාර ප්‍රවේශ පත්‍රයෙන් ලංගම බස් රථවල ගමන්කිරීමට අවස්ථාව සලසා දුන් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
ඒ අනුව ශ්‍රී ලංකා ගමනා ගමණ්ඩලයේ අධි සුඛෝපභෝගී බස්රථ හැර අනෙකුත් සාමාන්‍ය බස්රථවල දුම්රිය මාසික ප්‍රවේශ පත්‍රය භාවිතයෙන් ප්‍රවාහන පහසුකම් ලබාගත හැකියි.
මේ සම්බන්ධයෙන් බස්රථ සේවකයින් සහ කණ්ඩායම් දැනුවත් කර ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.











