දේශීය

බම්බලපිටියේ රිය අනතුරක් – 05ක් රෝහලේ

බම්බලපිටිය සමුද්‍ර මාර්ගයේ අද (06) අලුයම 2:30ට පමණ සිදුවූ බරපතළ රිය අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

බම්බලපිටිය පොලීසිය පැවසුවේ ලොරි රථයක් මාර්ගය අයිනේ නතර කර තිබූ මෝටර් රථ 2ක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

වැල්ලවත්ත දෙස සිට කොල්ලුපිටිය දෙසට ධාවනය වූ ලොරි රථයක් මෙලෙස මෝටර් රථ දෙකක ගැටී තිබෙන බවත්, පසුව ලොරි රථය දුම්රිය මාර්ගය දෙසට ධාවනය වී දුම්රිය පීලි මත නතර වී තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

Shares: