ගංවතුර හා විදුලිය ඇණහිටීම නිසා මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වූ මස් 12000Kgක ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ඊයේ (7) දින මුද්‍රා තබා තිබෙනවා.
අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි සත්ත්ව ගොවිපොළකයි මෙම මුදා තැබීම සිදුව ඇත්තේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආපදා කළමනාකරණ ක්ෂණික ඇමතුම් අංකයට (1926) කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සොයා ගැනීම සිදුකර තිබෙනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා පැවසුවේ පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම පරිශ්‍රය පරීක්ෂා කර මුළු මාංශ තොගයටම මුද්‍රා තැබූ බවයි.
එමෙන්ම එම මස්වල සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක වෙත අද යැවීමට නියමිතය බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.











