2025 වසරේ නොවැම්බර් මස අවසානය වන විට, චීන විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන තුන ඉක්මවා ගොස් තිබෙනවා.
චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ (07) නිකුත් කළ නවතම දත්තවලට අනුව, එම අගය දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3.3464ක් ලෙසයි.
පසුගිය ඔක්තෝබර් මස අවසානයට සාපේක්ෂව එය ඩොලර් බිලියන 3ක වැඩිවීමක් වන අතර එහි වර්ධනය 0.09%ක්.
2025 වසරේ නොවැම්බර් මාසයේදී, විනිමය අනුපාත පරිවර්තනය සහ වත්කම් මිල වෙනස්වීම වැනි සාධක හේතුවෙන් මෙසේ විදේශ විනිමය සංචිතය වර්ධනය වී ඇති බවයි චීන විදේශ විනිමය පරිපාලනය ප්‍රකාශ කර ඇත්තේ.
එමෙන්ම ප්‍රධාන ආර්ථිකයන්හි සාර්ව ආර්ථික දත්ත සහ මුදල් ප්‍රතිපත්ති අපේක්ෂාවන් වැනි සාධකවල බලපෑම යටතේ, නොවැම්බර් මාසයේදී එක්සත් ජනපද ඩොලර් දර්ශකය පහත වැටුණු අතර, ගෝලීය මූල්‍ය වත්කම් මිල ගණන් මිශ්‍ර චලනයන් අත්විඳි බව ද එම පරිපාලනය සඳහන් කරනවා.
විදේශ විනිමය පරිපාලනය වැඩිදුරටත් කියා සිටින්නේ චීන ආර්ථිකය සාමාන්‍යයෙන් ස්ථාවර සහ ප්රගතිශීලී සංවර්ධන ප්‍රවණතාවක් පවත්වා ගෙන ගොස් ඇති අතර, විදේශ විනිමය සංචිතවල මූලික ස්ථාවරත්වයට ද එමගින් මනා සහායක් වී ඇති බවයි











