නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට රැගෙන එන ලද පළිබෝධනාශක සහ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවෙකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත වෙන්නප්පුව මා ඔය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදීයි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පොලිසිය පැවසුවේ එම පුද්ගලයා සන්තකයේ තිබී බීඩි කොළ කිලෝ ග්‍රෑම් 626ක් අඩංගු පාර්සල් 17ක්, පළිබෝධ නාශක බවට සැක කෙරෙන පැකට් 60,000ක් අඩංගු පාර්සල් 20ක් සිය භාරයට ගත් බවයි.
සැකකරු අවුරුදු 27ක කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.











