දේශීය

බිත්තර මිල වැඩි වෙන්නේ නෑ – නිෂ්පාදකයින්ගෙන් සහතිකයක්

උත්සව සමය තුළ බිත්තර මිල ඉහළ යන බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ අසත්‍යයක් බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

පිටරටින් බිත්තර ආනයනය කිරීමේ අරමුණින් ඇතැමුන් විසින් මෙම අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවයි එහි සභාපති සරත් රත්නායක මහතා කියා සිටියේ.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ රුපියල් 45කට අඩු මිලකට බිත්තර ලබාදීමට හැකියාව පවතින බවයි.

Shares: