උණුසුම් පුවත්

බිඳ වැටුණු ප්‍රජා ජල ව්‍යාපෘති 320කට ආසන්න සංඛ්‍යාවක වැඩ නිමයි

ආපදා තත්ත්වයෙන් බිඳ වැටුණු ප්‍රජා ජල ව්‍යාපෘතිවලින් 320 කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ප්‍රතිසංස්කරණය කර ඇති බව නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.

තවත් 130 කට අසන්න සංඛ්‍යාවක ප්‍රතිසංස්කරණ මෙතෙක් අවසන් කිරීමට නොහැකි වී ඇති බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් ජලය ලබා දෙන ප්‍රදේශවල ජල සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර තතිබෙනවා.

Shares: