දෙසැම්බර් මාසයේ ගත වු මුල් සති දෙකක කාලය තුළ සංචාරකයින් 90,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
දෙසැම්බර් මස පළමු වෙනිදා සිට 14 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 93,031දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.
ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 21,156ක්.
ඊට අමතරව රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීන ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ මේ වසරේ ජනවාරි පළමු දින සිට දෙසැම්බර් 14 දක්වා කාලය තුළ දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 2,196,624ක් වන බවයි .











