Global Platform For All Sri Lankans

Update 6: උණ්ඩවල KPI කොටලා

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධව කරන විමර්ශනයේදී සැකසහිත පාර්ශ්වයක් ගැන පොලිසිය සවස තොරතුරු හෙළි කළේය.
 වෙඩි ප්‍රහාරය ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන කංජිපානි ඉම්රාන් විසින් මෙහෙයවා ඇති ආකාරයක් හැඟවෙන පරිදි ඉතිරිවූ සෑම උණ්ඩයකම පාහේ ‘KPI’ ලෙස (kanji pani imran) සටහන්කර තිබීම මෙම සැකයයි.


ඇප ලබා සිටියදී පලාගිය කංජිපානි ඉම්රාන් මේ වනවිට ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලබා පසුවන බව පසුගිය සතියේ වාර්තාවී තිබුණි.
මියගිය ක්ලබ් වසන්ත  සමග කංජිපානි ඉම්රාන් හා මාකඳුරේ මදුෂ් සමීප ඇසුරක් පැවති නමුත් ඩුබායිහිදී එම දෙන්නා කොටුවූයේ මියගිය ක්ලබ් වසන්ත සැපයූ ඔත්තුවක් නිසා යයි ඔවුනට විශ්වාසයක් තිබුනි යයි සොයාගෙන තිබේ.
මේ නිසා ක්ලබ් වසන්ත මරාදමන්නට ඔවුනට සැලසුමක් තිබී ඇති අතර පුද්ගලික ආරක්ෂකයින්ද සමග ආරක්ෂිතව සිටින ක්ලබ් වසන්ත පහසුවෙන් ඝාතනය කරන්නට බැරිව ගොස් කලාතුරකින් ලැබුන නිදහස් අවස්ථාවක් බලා මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය සැකකරයි.
සිදුවීම අවස්ථාවේ මියගිය ක්ලබ් වසන්ත සමග සිටි ඔහුගේ බිරියගේ අත්බෑගයේ රිවොල්වරයක්ද තිබී ඇති මුත් එකවර එල්ලවූ ප්‍රහාරය නිසා ප්‍රතිප්‍රහාර ලෙස එය පාවිච්චි කරන්නට බැරිව ගිය බව කියැවේ.

පුද්ගලයින් දෙදෙනෙක් ටී 56 අවි දෙකකින් මෙම වෙඩි තැබීමකර ඇති අතර එම අවිවලින් පිටවූ උණ්ඩවල හිස්කොපුවල පැහැදිලිවම KPI යනුවෙන් පෑනකින් සටහන්කර ඇති බව විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් තිබේ.
මෙතෙක් ඉතිහාසයේ පාතාල අපරාධකරුවන් වෙඩි උණ්ඩයේ සිය නම සටහන්කර වෙඩි තබා නැති බවත් එසේ පාතාල සිය නම වෙඩි උණ්ඩයේ සටහන්කර එල්ලකළ ප්‍රහාරය වන්නේ මෙය බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.
මෙම පතොරම්වල පැහැය සාමාන්‍ය පතොරම්වලට වඩා වෙනස් බැවින් යම් ද්‍රාවනයක් එහි ආලේපකර තිබේදැයි දැන ගැනීමට රස පරීක්ෂක වෙත ඉදිරිපත්කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ගැනීමටද නියමිත බව පොලිස් තොරතුරු සඳහන් කළේය. සැකකරනුයේ මෙම පතොරම්වල රන් ආලේපිත කර ඇති බවය.
ක්ලබ් වසන්ත විසින් වෙඩි නොවදින සුරයක් පළදින අයෙක් බැවින් සුරයේ බල බිදිමින් ඔහුට වෙඩි තැබීමට පතොරම්වල රන් ආලේපිත කර තිබේදැයි සැකයක්ද මතුකර තිබේ.

 අතුරුගිරිය හන්දියේ කඩුවෙල පාරේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලයේ කාමරයක මෙම ටැටූ රූපලාවන්‍යාගාරය විවෘතකර ඇත. කැරොකේ වසන්ත ඇතුළු ආරාධිතයන් රූපලාවන්‍යාගාරය තුළ සිටියදී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා ගිනි අවිද අමෝරාගෙන තරප්පුපෙල මතින් පැමිණ එකවර වෙඩි වර්ෂාවක් වසන්තව ඉලක්කකරගෙන ආ අවස්ථාවේ වේලාව සටහන්ව ඇත්තේ පෙරවරු 10.15 ලෙසිනි.
වෙඩික්කරුවන් දෙදෙනා එක දිගට වෙඩි වරුෂාවක් තැබීමෙන් අනතුරුව එක් වෙඩික්කරුවෙක් ටී 56 අවියේ පතොරම් ගැබ ගලවා මේසයක් මත තබා තවත් පතොරම් ගැබක් සොයන අයුරුද ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබී ඇත. ඔවුන් අමතර පතොරම් ගැබ් රැගෙනවිත් නොතිබුණු බැවින් නැවත මේසය මත තැබූ පතොරම් ගැබද රැගෙන පහළට දිවගොස් මෝටර් රථයේ නැගී පළාගොස් තිබේ. වෙඩික්කරුවන් දෙදෙනාගේ හැසිරීමත් වෙඩි තබන ආකාරයත්, පතොරම් ගැබ අවසන් වූ පසු එය ගලවා තවත් ගැබක් සොයා නැවත එම පතොරම් ගැබම ටී 56ට සවිකිරීමත් අධ්‍යනයේදී පෙනී යන්නේ වෙඩික්කරුවන් දෙදෙනා පළපුරුදු වෙඩික්කරුවන් බව යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මාකදුරේ මධුෂ්ව සහ තමාව ඩුබායි පොලීසියට හසුකර දීමට මුල්වූ සෑම අයෙකුගෙන්ම පළිගන්නා බව කංජිපානි ඉම්රාන් පවසා ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ක්ලබ් වසන්තගේ ඝාතනය සිදුවී දැයි සැකයක් බුද්ධි අංශ මතුකරයි.

මාකදුරේ මධුෂ්ගේ දියණියගේ උපන්දින සාදයේ ආරාධිතයෙක් ලෙස කැරොකේ වසන්තද සිට ඇති බවත් ඔහු අවසන් මොහොතේ එම සාදයට සහභාගිවීමට ඩුබායි බලා යන ගමන නවතා දමා තිබුණු බවත් එකල කියැවිණි.
මාකඳුරේ මධුෂ්ගේ හිතවතෙක් බව කියන ක්ලබ් වසන්ත විශාල මුදලක් මධුෂ්ගෙන් ණයට ලබාගෙන ඇති බවට තොරතුරක්ද බුද්ධි අංශ වෙත ලැබී තිබේ. එම මුදල රුපියල් ලක්ෂ 1400ක් පමණ වනු ඇති බව සඳහන්ය.
ඔවුන් අල්ලාදුන්නේ එ්වා ගෙවන්න වෙන නිසා බවටද කථාවක් තිබේ.

වෙඩික්කරුවන් පැමිණි ටොයෝටා වර්ගයේ සුදු පැහැති මෝටර් රථය කඩුවෙල කොරතොට ප්‍රදේශයේ දමාගොස් තිබියදී වෙඩි ප්‍රහාරයෙන් පැයකට පමණ පසු පොලීසියට හමුවී ඇත. මෝටර් රථය අතහැර වෑන් රථයකින් වෙඩික්කරුවන් පළාගොස් ඇති බවත් වෙඩික්කරු දෙදෙනා හැරුණු කොට මෝටර් රථයේ රියදුරුද වෑන් රථයෙන් පළාගිය අය අතර සිටින බවත් විමර්ශනයේදී පෙනී ගොස් තිබේ. මෝටර් රථය අතහැර වෑන් රථයක නැගී ඔවුන් පළායන අයුරු දැක්වෙන ආරක්ෂක කැමරා දර්ශනද පොලීසියට හමුවී තිබේ. කොරතොට, යාකාල,වෙලේහංදිය හරහා කඩුවෙල නගරයටත් එතැන් සිට හේවාගම දෙසටත් වෑන් රථය ගමන්කර ඇත.

මෙසේ පළාගිය පිරිස හඳුනා නොගත්තද රටින් පළායාමට ඇති අවස්ථා අහුවරමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද දියත්කර තිබුණි. බොහෝ විට මොවුන් බෝට්ටු මගින් රටින් පළායාමේ ඉඩක් ඇතැයි සැකයක්ද මතුව තිබුණි.

කොළඹ 07 වෝර්ඩ් පෙදෙසේ පදිංචිකරුවෙක් වූ රාජපක්ෂ අප්පුහාමිලාගේ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත (55) සමඟ වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගිය අනෙත් පුද්ගලයා වන්නේ පැලවත්ත කන්දෙවත්ත පදිංචිකරුවෙන් වූ විජේසූරිය ආරච්චිලාගේ නයන වාසල විජේසූරිය (37) නැමැති අයෙකි. මෙම පුද්ගලයා ව්‍යාපාරිකයෙක් බව පොලීසිය කියයි.

වෙඩි වැදුණු අය අතර වසන්තගේ බිරිද වන මැණික් විජේවර්ධන (42) ද සිටින්නීය. ඇය සහ වෙඩි වැදුණු තවත් කාන්තාවක වන යොමානා කෞෂධි යන දෙදෙනා හෝමාගම රෝහලේදී ශල්‍යකර්ම සඳහා යොමු කර තිබේ. ඔවුන් දෙදෙනා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් තොරතුරු සඳහන් කළේය.

වෙඩි වැදුණු වසන්තත් ගායන ශිල්පී සුජීවාත් ඇතුළු තුවාලකරුවන් මුලින්ම රැගෙන ගොස් ඇත්තේ හෝමාගම රෝහලටය. ඒ වන විටත් වසන්ත මියගොස් සිට ඇති බව සඳහන්ය.

වෙඩි රැසක් ඔහුගේ සිරුරට වැදී ඇති බව රෝහල් තොරතුරු සඳහන් කළේය. දෙවැන්නා මියගොස් ඇත්තේ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවය.

ගායන ශිල්පී කේ.සුජීවාගේ පාදයට වෙඩි වැදී ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත. ඇය සමග තවත් අයෙක්ද කොළඹ ජාතික රෝහලට මාරුකර ඇත. වසන්තගේ බිරිඳ හා අනිත් කාන්තාව හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ක්ලබ් වසන්ත ඊයේ අතුරුගිරියේ පැවැත්වෙන උත්සවයට පැමිණෙන බව දැනගෙන කල්තියා කළ සැළසුමකට අනුව මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පෙනී යන්නේ යැයි පොලීසිය සැකකරයි.
සමාජ මාධ්‍ය ඔස්සේ මේ දෙන්නා එන බව සඳහන් ආරාධනා පත්‍රයද ප්‍රචාරය කර තිබුණි.

ක්ලබ් වසන්ත වීවෘත කිරීමේ උත්සවයට පැමිණ සිටි අවස්ථාවේ ඔහු ඇතුලෙ සිටි බව ඒ අවට සිටි අයෙක් විසින් කළ දැනුම්දීමට අනුව වෙඩික්කරුවන් පැමිණ ඇති බව පෙනී යන බැවින් එම පුද්ගලයා හඳුනා ගැනීමට දුරකථන ජාල විශ්ලේෂණයක්ද සිදුකිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගනු ඇත.

මෙම වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ මෙයට පෙර ද රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් තිබී ඝාතනයක් වාර්තාවූ තැනකි. 2017 වසරේදී පාතාල සාමාජිකයෙක් වන ටනිල් බණ්ඩාර නොහොත් අතුරුගිරියේ බණ්ඩා නැමැත්තාට වෙඩි තබා මරා දමන්නේ එම රූපලාවන්‍යාගාරය තුළදීය. කඩුවෙල සමයං නැමැති පාතාලයේ අපරාධකරු බන්ධනාගාරයේ සිට කළ සැළසුමකට අනුව අතුරුගිරියේ බණ්ඩාව එසේ මරා දමා තිබුණේ පාතාල කල්ලි දෙකක් අතර පැවති ගැටුමක ප්‍රතිඵලයක් ලෙසිණි.
එම ඝාතනය සිදුවන්නේ අතුරුගිරියේ බණ්ඩා ෆේෂල් එකක් කර ගැනීමට මෙම රූපලාවන්‍යාගාරයට පැමිණ සිටියදී එහි හිමිකාරිනිය විසින් ලබාදුන් දුරකථන ඇමතුමකට අනුව වෙඩික්කරුවෙක් පැමිණීමෙනි. ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ එම රූපලාවන්‍යාගාරයේ හිමිකාරිනිය ඇපමත නිදහස් වීමෙන් අනතුරුව වෙඩි ප්‍රහාරයකට ලක්ව මරුමුවට පත්විය.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

O/L විභාග ප්‍රතිඵල හරියටම නිකුත් වෙන දිනය මෙන්න

පසුගිය වසරේ පවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads