Global Platform For All Sri Lankans

Lanka Hit News

චීන-ඉන්දියානු දේශසීමා ගැටළුව සම්බන්ධයෙන් දෙරටේ විශේෂ නියෝජිතයින්ගේ හමුවක්

චීන-ඉන්දීය දේශසීමා ගැටළුව පිළිබඳ විශේෂ නියෝජිතයින්ගේ 23 වැනි රැස්වීම ඊයේ (18 ) පැවති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ඒ චීනයේ බෙයිජිංහිදියි.

මේ අවස්ථාවට චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ඇතුළු දෙරටේ විශේෂ නියෝජිත පිරිසක් එක්ව තිබෙනවා.

දෙපාර්ශවය අතර වසර පහකට පසුව පැවති පළමු හමුව මෙයවේ.

එහිදී චීනය සහ ඉන්දියාව චීන-ඉන්දියානු දේශසීමා ගැටළුව සම්බන්ධයෙන් කරුණු 6ක එකඟතාවයකට පැමිණ තිබෙනවා.
එනම්,

1. දේශසීමා අර්බුද සම්බන්ධයෙන් දෙරට විසින් එළැඹි විසඳුම් පිළිබඳව දෙපාර්ශවයම ධනාත්මකව අදහස් දැක්වීම

2. 2005 වසරේ දෙරටේ විශේෂ නියෝජිතයන් විසින් දේශසීමා ගැටළුව විසඳීම සඳහා එළඹ ඇති දේශපාලන මාර්ගෝපදේශක මූලධර්මවලට අනුව දේශසීමා ගැටලුව සඳහා සාධාරණ සහ අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුම් පැකේජයක් අඛණ්ඩව සොයා ගැනීමේ අවශ්‍යතාව දෙපාර්ශ්වය විසින් යළිත් තහවුරු කර තිබීම.

3. දෙපාර්ශවය දේශසීමා තත්ත්වය තක්සේරු කර දේශසීමාවේ තිරසර සාමය සහ සන්සුන් භාවය ළඟා කර ගැනීම සඳහා දේශසීමා ප්‍රදේශයේ පාලන නීති තවදුරටත් සැකසීමට එකඟ වීම.

4. දේශසීමා හුවමාරුව සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම, චීනයේ ටිබෙට් ස්වායත්තයට ඉන්දීය වන්දනාකරුවන්ගේ වන්දනා ගමන් නැවත ආරම්භ කිරීම, දේශසීමා ගංගා සහයෝගිතාව සහ Nathu La හි දේශසීමා වෙළඳාම යනාදිය ප්‍රවර්ධනය කිරීමට දෙපාර්ශවය එකඟ වීම.

5. විශේෂ නියෝජිත රැස්වීම් යාන්ත්‍රණය ගොඩනැගීම තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශවය එකඟත්වය

ඒ ය‍ටතේ මෙවර විශේෂ නියෝජිතයින්ගේ රැස්වීමෙන් පසු අදාළ කාර්යයන් ක්‍රියාත්මක කිරීමේදී එය මනා ලෙස සිදු කරන කරන මෙන් චීන-ඉන්දියානු දේශසීමා කටයුතු පිළිබඳ උපදේශන සහ සම්බන්ධීකරණ ක්‍රියාකාරී යාන්ත්‍රණය විසින් ඉල්ලා ඇති බව සඳහන්.

6. ලබන වසරේ නව වටයේ විශේෂ නියෝජිත රැස්වීම ඉන්දියාවේදී පැවැත්වීමට දෙපාර්ශවය එකඟ වූ අතර ඒ සඳහා නිශ්චිත කාල රාමුව රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ තීරණය කිරීමට එකඟතාවකට පැමිණීම

චීන සහ ඉන්දීය ඉහළ පෙළේ නායකයින් විසින් ඇති කර ගත් මෙම කරුණු 6ක එකඟතාව කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රසාදය පළ කරන බවයි චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශක Stephane Dujarric මහතා කියා සිටියේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads