දේශීය

විදුලි ගාස්තු අඩු කිරීමේ පොරොන්දුව ක්‍රියාත්මක කරනවා – බලශක්ති අමාත්‍ය

විදුලි ගාස්තු අඩු කිරීමේ පොරොන්දුව රජය ක්‍රියාත්මක කරන බවට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහතික වනවා.

විපක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

එහිදී පාර්ලිමේන්තුව අද (06) අමතමින් කුමාර ජයකොඩි මහතා පැවසුවේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව වසර 3ක් ඇතුළත විදුලි ගාස්තු 30%කින් අඩු කරන බවයි.

“ඉක්මන් වෙන්න එපා, තව ටිකක් ඉවසන්න. අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන්නේ වසර 3ක් ඇතුළත විදුලි බිල 30%කින් අඩු කරන බවයි,”

යනුවෙනුයි එහිදී බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කියා සිටියේ.

Shares: