දේශීය

පාසල් නිල ඇඳුම් බෙදා දීම, ලබන 15 වැනිදා සිට

පාසල් නිල ඇඳුම් බෙදා හැරීම ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

පෙබරවාරි 15 වැනිදා දක්වා නිල ඇඳුම් බෙදා දීම සිදුකෙරෙන බවයි එහි ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ.

ඔහු කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය නිල ඇඳුම් තොග දිවයිනට ලැබී ඇති බවයි.

මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පාසල්වල පළමු ශ්‍රේණිය පන්ති ආරම්භය ලබන 29 වැනිදා සිදු කෙරෙනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පළමු ශ්‍රේණියේ සිසුන්ට විධිමත් ඉගැන්වීම් ආරම්භ කෙරෙන්නේ ලබන 21 වැනිදායි.

Shares: