ජනවාරි මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.
ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය අනුව ගෑස් මිලෙහි වැඩිවීමක් අවශ්‍ය වුවද රට තුළ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදුනොකිරීමටයි එම සමාගම තීරණය කර ඇත්තේ.
ඒ අනුව ලිට්රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482ක මිලකටත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් ලෙසත් මිල ගණන් මෙම මාසය තුළද නොවෙනස්ව පවතීයි.
එහෙත් ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ දමා තිබුණා.











