විදෙස්

ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක් – 03කට දිවි අහිමියි

ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා නගරයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙක්.

එමෙන්ම එම අනතුරින් තුවාල ලබා බරපතල තත්ත්වයේ පසුවන එක් අයෙක් රෝහලට ඇතුළත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ එරට වේලාවෙන් අද පස්වරු 4:40ට පමණයි.

තුවක්කුකරු තවමත් නිදැල්ලේ සිටින බව මාධ්‍ය වාර්තා පවසවා.

අදාළ වෙඩිතැබීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කරයි ඇත්තේ.

තවද එරට පොලිසිය දැනුම් දී ඇත්තේ ආරක්ෂක හේතූන් මත පිටස්තර පුද්ගලයින්ට එම ස්ථානයට ඇතුළු නොවන ලෙසත්, ප්‍රදේශවාසීන්ට එම ස්ථානයෙන් ඉවත් නොවන ලෙසයි.

ලේක් කාර්ගෙලිගෝ (Lake Cargelligo) නිව් සවුත් වේල්ස් මධ්‍යයේ පිහිටා ඇති අතර එහි ජනගහනය 1,500 ක් පමණ වනවා.

Shares: