කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල ඥාතීන් වෙනුවෙන් රුපියල් මිලියන 197කට අධික වන්දි මුදලක් ලබා ගැනීමට දෝහාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2025 වසරේදී සමත්වී තිබෙනවා.
තානාපති කාර්යාලය මගින් මෙලෙස ලබාගෙන ඇති මුළු වන්දි මුදල රුපියල් 197,719,710.36ක් බව වාර්තා වනවා.
ඉන් රුපියල් 23,641,182.00ක මුදලක් තානාපති කාර්යාලය හරහා සෘජුවම අදාළ පවුල් වෙත ලබා දී තිබෙනවා.
ඉතිරි රුපියල් 174,078,528.36ක මුදල මෙරට පවුලවල ඥාතීන් වෙත ලබාදීම සඳහා කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වෙත යොමු කර තිබෙනවා.











