කොළඹ මියුසියස් විදුහල අසල ඇති නිවෙසක් 2013.04.05 දිනැති ඔප්පුව මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමට මිලදී ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අල්ලස – දූෂණය – නාස්තියට එරෙහි සංවිධානය අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.
එම පැමිණිල්ලේ පෙන්වා දී ඇත්තේ මෙම නිවස සිරිලිය ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 350ක් වැය කර මිලදී ගෙන ඇති බවට ඉඩමට අදාළ ලේඛන පරීක්ෂා කිරීමේදී සඳහන් වන බවයි.
මෙය දූෂිත ගනුදෙනුවක් බවට හැඟී යන බැවින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙසයි එම සංවිධානය ඉල්ලා ඇත්තේ.











