ක්‍රීඩා

මාලිගේ සේවය විස්සයි20 ලෝක කුසලානයටත්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු ලෙස හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන මූලික වටයේ තරග සඳහා ලසිත් මාලිංග ශ්‍රි ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු ලෙසින් කටයුතු කිරීමට නියමිතව ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග සදහන් කරනවා.

ඒ අනුව, ලසිත් මාලිංග එළඹෙන 5 වනදා සිට ශ්‍රි ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

 
Shares: