සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය අවසන් වීමත් සමඟ, අද (15) සිට රජයේ සේවා සහ ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දැනුම් දී තිබෙනවා.
රජයේ කාර්යාල විවෘතයි
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ අප්‍රේල් 15, 16 සහ 17 දිනවල රජයේ කාර්යාල සාමාන්‍ය පරිදි විවෘත වන බවයි.
මෙවර නව අවුරුදු නිවාඩුව සඳහා රාජ්‍ය සේවකයන්ට ලබා දී තිබුණේ සීමිත දින දෙකක් පමණක් වන අතර, එය සඳුදා සහ ඊයේ (14) දින ලෙසයි.
බස් සේවා යළි ආරම්භයි
ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) දැනුම් දී තිබෙන්නේ අද උදෑසන සිටම බස් සේවා යළි ආරම්භ කර ඇති බවයි.
කාර්යාල වෙත ආපසු පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීම සඳහා සියලුම පළාත් ගමනාගමන අධිකාරිවලට ද උපදෙස් ලබාදී ඇති බව මෙහෙයුම් අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරළ මහත්මිය සඳහන් කර තිබෙනවා.
දුම්රිය සේවා සාමාන්‍ය පරිදි
දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ අද දිනය සාමාන්‍ය වැඩ දිනයක් බැවින් කාර්යාල දුම්රිය සේවා නියමිත පරිදි ධාවනය වන බවයි.
ඊට අමතරව, මගීන්ගේ අවශ්‍යතාවය අනුව අතිරේක දුම්රිය සේවාද යොදවීමට සැලසුම් කර තිබෙනවා.
මගීන්ට අවවාදයක්,
ඔබගේ ගමන් සැලසුම් කලින් සකස් කරගන්න, තදබදය වැඩි විය හැකි බැවින් නිමිත කාලයට පෙර පිටත් වන්න, ආරක්ෂිත ගමනාගමනයක් තෝරාගන්න.











