පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙන පරිදි, එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල ලබාදෙන සියලුම මහජන සේවාවන් හෙට දිනයේ (අප්‍රේල් 17) සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ලබනවා.
මෙයට හේතුව ලෙස සඳහන් කරන්නේ, අත්හදා බැලිය නොහැකි ලෙස සිදු වූ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්, පරිගණක පද්ධතිය නැවත සකස් කිරීම සඳහා සිදුකරන තාක්ෂණික කටයුතු නිසා බවයි.
ඒ අනුව, එක දින සේවාව (One-Day Service), සාමාන්‍ය සේවාවන්, ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාල සේවාවන් සියල්ලම තාවකාලිකව නවතා තිබෙනවා.
හෙට දිනයේ ID සේවාවන් සඳහා පැමිණීමට සැලසුම් කර ඇති පුද්ගලයන්, කරුණාකර ඔබගේ කටයුතු වෙනත් දිනයකට යොදා ගන්නා මෙන් ඉල්ලා සිටිනවා.
අපහසුතා සඳහා කනගාටු වන අතර, සේවාවන් ඉක්මනින්ම යථා තත්ත්වයට පත් කරන බව දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
මිතුරන්ටත් මේ දැනුවත් වීම සඳහා මෙය බෙදාහරින්න!











